ඊයේ සුබ මොහොතින් විවෘත කෙරුණු කැලණි නව පාලම අද සවස තුනේ සිට මහජනතාව සඳහා විවෘත කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. මෙරට කේබල් මත ඉදිකෙරුණු පළමු පාලම වන මෙය ඊයේ සවස විවෘත කිරීමෙන් අනතුරු ව ඒ හරහා ගමන් ගන්නට අද උදෑසන පැමිණි බොහෝ පිරිසකට ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව සැලසුණේ නැහැ.
ඒ කටුනායක අධිවේගී මාර්ගයෙන් පාලමේ ප්‍රවිෂ්ඨය අවහිර කර තිබීම හේතුවෙන්. මෙම නව පාලමේ අද්දැකීම විඳගැනීමට අද උදෑසන බොහෝ දෙනෙකු උත්සාහ කිරීම නිසා පෑළියගොඩ ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ද ඇති වී තිබුණා. කෙසේ වෙතත් අද සවස තුනෙන් පසු ව මෙරට නගරයක් තුළ ඉදි වූ දීර්ඝතම කණු මතින් දිවෙන මඟෙහි ගමන් කිරීමේ අවස්ථාව මෙරට ජනතාවට හිමිවෙනු ඇති. source-hiru
90 total views, 2 views today