ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ, ඊයේ (2021 නොවැම්බර් 24 ) ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පැවති රැස්වීමේ දීයී.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 5.00 සහ සියයට 6.00 ක් ලෙස දැනට පවතින මට්ටමේ නො වෙනස් ව පවත්වා ගෙන යෑමට මහ බැංකුව තීරණය කර තිබෙනවා. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4.00% මට්ටමේ නොවෙනස්ව පවතින බවයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේ.

source-colombotimes
64 total views, 2 views today