ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ව සිටින එක්සත් ජාතීන්ගේ දේශපාලනික කටයුතු, සාමය ගොඩනැගීම සහ සාම මෙහෙයුම් පිළිබඳ සහකාර මහලේකම් ඛාලිඩ් කියාරි ඊයේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් හමු වී තිබෙනවා.
වසංගතයෙන් පසු උද්ගත වූ ආර්ථික අභියෝග සහ ශ්‍රී ලංකාව තුල තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා කෙරුණු බවයි විදේශ අමාත්‍යංශය නිවේදනය කළේ.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සම්බන්ධයෙන් වන යෝජිත සංශෝධන ඇතුලුව සංහිඳියාව සහ මානව හිමිකම් සම්බන්ධයෙන් වන දේශීය ක්‍රියාවලියේ මෑතකාලීන ප්‍රගතිය පිළිබඳව විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ නියෝජිතවරයාට පැහැදිලි කර තිබෙනවා. source-hiru
82 total views, 2 views today