ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 07කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ. ඒ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්. ඊයේ (24) රාත්‍රි 8.00 සිට අද රාත්‍රී 8.00 දක්වා පැය 24ක කාලයක් සඳහා එම නායයෑම් අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මාතලේ, මහනුවර, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා දෙවන අදියරේ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති අතර කොළඹ, කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික් සඳහා පළමු අදියරේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.
මේ අතර පසුගිය ඔක්තෝබර් 29 වන දින සිට ඊයේ දිනය දක්වා කාලය තුළ අයහපත් කාලගුණ තත්ත්තවය හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. එහිදි පවුල් 42,899කට අයත් පුද්ගලයින් 153,895 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.
මේ අතර දිවයිනට ගිනිකොන දෙසින් නිරත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පහළ වායූගෝලයේ කැලඹිලි ස්වභාවය අඩුපීඩන තත්ත්වයක් දක්වා වර්ධන වී දැනට දිවයිනට නැගෙනහිර දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. source-derana
90 total views, 2 views today