ත්‍රිකුණාමලය – කින්නියා කලපුවේ – කුරින්චාකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරළී හයදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියෙන් පසු අදාළ ප්‍රදේශය හරහා අද (24) සිට ශ්‍රී ලංගම බස් රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා. කාකමුනෙයි සිට නඩතිව්, කුරින්චාකර්නි හරහා කින්නියා දක්වා මෙම බස් සේවාව ක්‍රියාත්මක කරන බවයි කින්නියා ඩිපෝව සඳහන් කළේ.
කෙසේ වෙතත්, අද ආරම්භ කළ මෙම බස් රථ සේවාවට ප්‍රදේශවාසීන් විරෝධය දක්වන බවයි පැවසෙන්නේ. ත්‍රිකුණාමලය – කින්නියා කලපුවේ – කුරින්චාකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරළී දරුවන් 4 දෙනෙකු ඇතුළු හයදෙනෙකු ඊයේ (23) ජීවිතක්ෂයට පත්වුණා. source-hiru
60 total views, 4 views today