මැතිවරණ කොමිෂන් සභාව විසින් පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්විම සඳහා වන මූලික කටයුතු සිදුකිරීමට තීරණය කර තිබේ. ඊයේ (23) රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් ඒ සම්බන්ධයෙන් සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් වෙත දැනුම්දීමට පියවර ගත් බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළේය.
පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන මාර්තු මාසයෙන් අවසන් වීමට නියමිත අතර නොවැම්බර් මාසයෙන් අනතුරුව ඕනෑම අවස්ථාවක පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කිරීමට හැකියාව පවතී.
කිසියම් ආකාරයකින් එලෙස පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තීරණය කළහොත් ඊට අවශ්‍ය මූලික සූදානමක් ලෙස ආකෘති පත්‍ර සකස් කිරීම, නිලධාරී සහ වාහන සංගණන කටයුතු, ඡන්ද මධ්‍යස්ථාන පරීක්ෂා කිරීම් කටයුතු සිදුකිරීමට ද තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් සොයාබලා වහාම මැතිවරණ කොමිසම වෙත දැනුම්දෙන ලෙස ද තේරීම්භාර නිලධාරීවරුන් දැනුවත් කර ඇති බව සඳහන්ය. මේ අතර මෙම වසරේ දෙසැම්බර් මස 31 වනදා වන විට 2021 ඡන්ද හිමි නාමලේඛනයට අත්සන් තැබුවහොත් එළඹෙන මැතිවරණයකදී එම ඡන්ද හිමි නාමලේඛනය භාවිතයට ගැනීමට නියමිතව තිබේ.
ඒ අනුව, මෙවර ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි නොවූ පුද්ගලයින් සිටී නම් ඒ සම්බන්ධ තොරතුරු දෙසැම්බර් මස 3 වනදා ට ප්‍රථම මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම්දෙන ලෙස එම කොමිෂන් සභාව දැනුම්දෙයි. source-derana
98 total views, 2 views today