What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Monday, May 23
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»කෘෂිකර්ම ඇමති සහ පළිබෝධනාශක ආනයනකරුවන් අතර සාකච්ඡාවක්
    Local

    කෘෂිකර්ම ඇමති සහ පළිබෝධනාශක ආනයනකරුවන් අතර සාකච්ඡාවක්

    writerBy writerNovember 24, 2021No Comments3 Mins Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    ඊයේ (23) දින කෘෂිකර්ම අමාත්‍යංශයේදී පළිබෝධනාශක ආනයනකරුවන් සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර සාකච්ඡාවක් ද පැවැත්වුණි. එහිදී එළවළු සඳහා අවශ්‍ය දිලීර නාශක සහ පළිබෝධනාශක ආනයනය පිළිබඳව සාකච්ඡා කර තිබේ. එමෙන්ම දැනට ආනයනකරුවන් සතුව පවතින දිලීර නාශක සහ පළිබෝධනාශක සහනදායි මිල ගණන් යටතේ අලෙවි කිරීමටත් උපදෙස් ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

    මේ අතර, කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා ධූරයෙන් පහ කළයුතු බවට සිදුකරන ලද ප්‍රකාශය දැඩි ලෙස හෙළාදකින බව ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ කෘෂිකර්ම උපාධිධාරීන්ගේ සංගමය පවසයි. එම තීරණය වහාම නිවැරදි කරන ලෙස ජනාධිපතිවරයා ඇතුළු සියලු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බව ද එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    මේ අතර, 2021.11.22 දිනැති 2255/5 අංක දරන ගැසට් නිවේදනය පිළිබඳව මතුව ඇති ගැටලු පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් ද එම සංගමය විසින් සිදුකර තිබේ.

    – උපුටා ගැනීම – 

    • ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධනාශක වර්ග 05ක් භාවිතය තහනම් කරමින් නිකුත් කර තිබු 2014.12.22 දිනැති 1894/4 අංක දරන අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු කරමින් 2021.11.22 දිනැති 2255/5 අංක දරන නව ගැසට් නිවේදනයක් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කර ඇත. එය නැවත පළිබෝධනාශක මෙරටට ගෙන ඒම සඳහා ලබාදුන් අවසරයක් නොවන බව පැහැදිලි කරුණකි.
    • ඉහත සඳහන් 2014.12.22 දිනැති 1894/4 අංක දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිපොස් සහ කාබොෆියුරාන් ලෙස හඳුන්වනු ලබන සක්‍රිය රසායන ද්‍රව්‍ය අන්තර්ගත වන පලිබෝධ නාශක ද්‍රව්‍ය විකිණීම සහ භාවිතය අනුරාධපුරය, පොළොන්නනරුව, කුරුණෑගල, මොනරාගල, දිස්ත්‍රික්ක තුළ හා බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය, රිදිමාලියද්ද සහ කන්දකැටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ තහනම් කරනු ලැබුවා.
    • නමුත් 2016.12.28 දිනැති 1999/33 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් කාබරිල්, ක්ලෝෆයිරිපොස් සහ කාබොෆියුරාන් ලෙස හඳුන්වනු ලබන සක්‍රිය රසායනික ද්‍රව්‍ය අන්තර්ගත වන පළිබෝධනාශක සම්බන්ධයෙන් නිකුත් කර ඇති සියලුම බලපත්‍ර අවලංගු කර ඇත. එහෙයින් අදටත් බලාත්මක වන්නේ 2016.12.28 දිනැති 1999/33 දරන අති විශේෂ ගැසට් නිවේදනය වන අතර ඉහත සඳහන් පළිබෝධනාශක ආනයනය තහනමේ කිසිදු වෙනසක් නැත. 
    • එසේම 2018. 09. 13 දිනැති 2088/57 අංක දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ග්ලයිෆොසෙට් වල්නාශකය සීමා කරන ලද පළිබෝධනාශකයක් (වල්නාශකයක්) ලෙස වර්ගකර ඇති අතර 2018.10.02 දිනැති 2019/13 අංක දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් එය තේ සහ රබර් වගාවන් සඳහා පමණක් භාවිතා කලයුතු බවට සීමා කර ඇත. 
    • මෙම කරුණ තවදුරටත් පැහැදිලි කළහොත් 2014.12.22 දිනැති 1894/4 අංක දරන අති විශේෂ ගැසට් නිවේදනය බලාත්මකව පවතින අවස්ථාවක 2018.10.02 දිනැති 2019/13 අංක දරන අති විශේෂ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම තාක්ෂණික ගැටලුවකට මුල පිරීමකි. භාවිතය තහනම් කර ඇති ප්‍රදේශයක පවතින තේ හෝ රබර් වගාවක් සඳහා ග්ලයිෆොසෙට් භාවිතා කිරීමට අවශ්‍ය වුවත් 2014.12.22 දිනැති 1894/4 අංක දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් එය අවුරා ඇත.
    • එම හේතුව නිසා 2014.12.22 දිනැති 1894/4 දරන අති විශේෂ ගැසට් පත්‍රය අවලංගු කිරීම සිදුකර ඇති අතර 2255/5 අංක දරන නව ගැසට් නිවේදනය  2018 වර්ෂයේ නිකුත් කළයුතු ගැසට් පත්‍රයක් වුවත් රජයේ ක්‍රියාවලියන්ගේ තිබෙන ප්‍රමාදයන් නිසා 2021.11.22 දින මුද්‍රණය වී ඇති බව පෙනේ. 

    – උපුටා ගැනීම අවසන් – 

    source-derana

     64 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleඅධිවේගී මාර්ගවල ගාස්තු “LANKA QR” ක්‍රමවේදයට
    Next Article කඩුගන්නාව පාර ගැන ගත් අලුත්ම තීරණ

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.