මොරවැව මහ වැවේ මාළු අල්ලමින් සිටි ධීවරයන් පිරිසකගේ මාළු දැලක පැටලී සිටි කුඩා වන අලියකු දැලෙන් ගලවාගෙන මොරවැව වනජීවී කඳවුරට භාරදී තිබෙනවා. එම අලි පැටවවා අඩි දෙකහමාරක් පමණ උසැති මාස 2ක් පමණ වයසැති අලි පැටවකු වන බවයි මින්නේරිය ගිරිතලේ පශු වෛද්‍ය ඒකකය පැවසුවේ.
එහිදී අලි පැටවාට තිබු සාමාන්‍ය තුවාල වලට ගිරිතලේ පශු වෛද්‍ය ඒකකය විසින් ප්‍රතිකාර කර තිබෙනවා. වන අලි 50 ක රංචුවක් රාත‍්‍රි කාලයට කැලයෙන් එළියට පැමිණ පාන්දර යාමයේ යළි වනයට යන බවත් ඒ යන අතරතුර මෙම පැටවා මඟහැරී ඇති බවත් ගම්වාසීන් පවසනවා.


source-colombotimes
108 total views, 2 views today