කොවිඩ් ආසාදිතයින් ඉහළයමින් පවතින බැවින් යුරෝපීය රටවල් දෙකකට සංචාරය කිරීමෙන් වළකින ලෙස අමෙරිකානු ජනතාවට දැනුම්දීමට එරට සෞඛ්‍ය බලධාරීන් ක්‍රියාකර තිබේ. අමෙරිකානු රෝග පාලන සහ වැලැක්වීමේ මධ්‍යස්ථාන සහ රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊට අදාළ නිවේදනය නිකුත්කර තිබුණි. ඒ අනුව ඩෙන්මාර්කයට සහ ජර්මනියට ගමන් කිරීමෙන් වළකින ලෙස උපදෙස් දී ඇත.
යුරෝපයේ විශාලතම ආර්ථිකය වන ජර්මනියේ කොවිඩ් ආසාදිතයින් මේ වනවිට සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. චාන්සලර් ඇන්ජෙලා මර්කල් පැවසුවේ ඔවුන් ගෙන ඇති ක්‍රියාමාර්ග රෝග ව්‍යාප්තිය පාලනයට ප්‍රමාණවත් නොවන බවය. මේ වනවිට එරට රෝහල්වල රෝගීන් වැඩිවෙමින් ඇති අතර රට තුළ විවිධ සීමා ඇති කිරීමට ද බලධාරීන් කටයුතු කරමින් සිටී. source-derana
58 total views, 2 views today