අද (23) දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ලැබීම් යම් මට්ටමකින් ඉහළ මට්ටමක පැවැති බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයන් පවසනවා. ඒ හේතුවෙන් පසුගිය දිනවල පැවැති කිලෝවක තොග මිලට සමගාමිව රුපියල් 50 – 60 ත් අතර ප්‍රමාණයකින් අඩු වී තිබෙන බවයි ඔවුන් පැවසුවේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩි වශයෙන් කන්ද උඩරට ප්‍රදේශයවලින් කැරට්, ලීක්ස් ,බීට් ,ගෝවා ආදී එළවළු වර්ග ලැබී තිබුණු බවත් ඇතැම් එළවළු සඳහා ඉහළ මිලක් ප්‍රකාශ කළ ද එම මිල ගණන් යටතේ අලෙවි නොවීම නිසා අඩු මිල ගණන් යටතේ එළවළු අලෙවි කිරීම්ට සිදු වී ඇති බව ඔවුන් සඳහන් කළා.
එමෙන්ම පහත රට ප්‍රදේශවලින් සහ යාපනය අර්ධද්වීපයෙන් ද මෙදින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වම්බටු ,මෑකරල්, දඹල ,පතෝල ,තක්කාලි ආදී එළවළු වර්ග සැළකිය යුතු ප්‍රමාණයක් ලැබුණු බව පෙන්වා දෙන වෙළෙන්දන් කියා සිටියේ දුර බැහැර ප්‍රදේශවල එළවළු මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දන්ගෙන් අඩුවීම නිසා මිල පහත වැටීම සිදු වෙමින් පවතින බවයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද දින එළවලු කිලෝවක තොග මිල ගණන් පහත ලෙස දැක්වුණා.
- රුපියල් 300 ත් 350 ක් අලෙවි වූ ලීක්ස් කිලෝවක් රුපියල් 260 ත් 280 මිලකට
- රුපියල් 350 ක් ව පැවති කැරට් කිලෝ එකක් රුපියල් 250 ත් 300 ත් අතර මිලකට
- රුපියල් 350 අලෙවි වූ බෝංචි කිලෝ එකක් රුපියල් 200 ක් 220 අතර මිලකට
- රුපියල් 280 ත් 300 ත් අතර මිලකට අලෙවි වූ තක්කාලි කිලෝව රුපියල් 200ත් 220 මිලකට
- රුපියල් 200 කට පැවති දෙල් ගෙඩියක් රුපියල් 130 සිට 160 දක්වා මිලකට
source-colombotimes
98 total views, 2 views today