ජර්මනියේ ජනතාවට එරට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඊයේ ප්‍රබල අනතුරු ඇගවීමක් සිදු කළා. ඒ ඔවුන් 4 වන කොරෝනා රැල්ලක් අභියස සිටින බවයි. සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් කියා සිටියේ, මෙම ශීත ඍතුව නිමා වන විට ජර්මනියේ සිටින සෑම අයෙකුම එන්නත්කරණය ලබා, කොරෝනාවෙන් සුවපත් වී හෝ මිය ගොස් සිටිනු ඇති බවයි.
ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් යුරෝපයේ කොරෝනා ආසාදනය මේ වන විට කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර ජර්මනිය ඒ අතරින් ප්‍රධානයි. ඊයේ දිනයේදී ද එරටින් නව ආසාදිතයන් 40,483ක් සහ මරණ 204ක් වාර්තා වුණා.
ජර්මනියේ කොරෝනා ආසාදනය සහ මරණ මෙලෙස ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ එන්නත්කරණ ප්‍රමාණවත් නොවීමයි. බටහිර යුරෝපයේ අඩුම එන්නත්කරණ අනුපාතයක් සහිත ජර්මනියේ ජනගහනයෙන් මෙතෙක් පූර්ණ එන්නත්කරණය ලබා ඇත්තේ සියයට 68ක් පමණයි. source-hiru
60 total views, 2 views today