අද (22) දිනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ විද්‍යුත් ලේඛන සහතික කිරීමේ සේවා 150 දෙනෙකුට පමණක් සීමා කර තිබෙනවා.
විද්‍යුත් ලේඛන සත්‍යාපනය කිරීමේ පද්ධතියේ බිඳ වැටීමක් හේතුවෙන් පසුගිය සතිය තුළ සහතික කිරීමේ සේවා අඩාල වූ අතර, සේවා සැපයීමේදී ද දිගු ප්‍රමාදයක් සිදු වූ බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ.
එම බිඳ වැටීම යථාවත් කිරීමට විදේශ අමාත්‍යාංශය මේ වනවිට කටයුතු කරමින් සිටින අතර, එතෙක් සහතික කිරීමේ සේවා මෙලෙස සීමා කිරීමට සිදුව ඇති බව එම අමාත්‍යාංශය පෙන්වා දෙනවා. source-hiru
36 total views, 2 views today