ඊයේ (20) පෙරවරුවේ ගම්පොළ, අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ දී දිවංගත අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතාගේ දෙවන ගුණ සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. එහිදී රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා විසින් දි.මු ජයරත්න මහතාගේ ගුණ සැමරුම සනිටුහන් කරමින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වා තිබේ.
ගුණ සැමරුම් උත්සවය සඳහා ත්‍රෛනිකායික මහා සංඝරත්නය, මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිට ඇති බව සඳහන් වේ. ගම් සභාවෙන් සිය දේශපාලන දිවිය ආරම්භ කළ දි.මු ජයරත්න මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 13 වන සාමාජිකයා වන අතර 1970 වසරේදී ඒ මහතා පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්විය.
අනතුරුව 1994 වසරේදී කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත්වූ දි.මු ජයරත්න මහතා විවිධ අමාත්‍ය ධුර හොඹවා ඇති අතර 2010 වසරේ සිට 2015 වසර දක්වා මෙරට 14 වන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. මෙරට කෘතහස්ථ දේශපාලනඥයෙකු වන දි.මු ජයරත්න මහතා 2019 වසරේදී සිය ජීවන ගමනෙන් සමු ගත්තේය






. source-derana
28 total views, 2 views today