කෘෂිකර්ම අමාත්‍යාංශය පවසා සිටියේ, ඉන්දියාවේ සිට ආනයනය කල නැනෝ පොහොර බෝතලයක් ඇමරිකානු ඩොලර් 10ක මිලකට ලබා දීමට පොහොර ගෙන්වීමට අදාළ සමාගමේ දේශීය නියෝජිතයා එකඟතාව පළ කර ඇති බවයි.
එහි ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරීන් සහ පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී ඔහු එම එකඟතාවයට පැමිණි බවයි.
ඉන්දියාවේ ඇමරිකානු ඩොලර් 5යි ශත විසි පහකට අලෙවි වන නැනෝ පොහොර බෝතලයක්, ඇමරිකානු ඩොලර් 12 යි ශත 45 කට ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති බව පසුගිය දා අනාවරණ වුණා.
කෙසේ වෙතත් දේශිය නියෝජිතයා එකඟ වී ඇති පරිදි නැනෝ පොහොර බෝතලයක් ඇමරිකානු ඩොලර් 10ක මිලකට ලබා ගත්තද එය ඉන්දියාවේ අලෙවි වන මිලට වඩා ඇමරිකානු ඩොලර් 7 යි ශත 75 කට වැඩි මිලක්.
ඉන්දියාවේ සිට නැනෝ පොහොර ලීටර ලක්ෂ 21ක් ආනයනය කිරීමට නියමිත අතර, ඉන් කොටසක් මේ වන විට අදියර කිහිපයක් යටතේ මෙරටට ගෙන්වා ගොවීන් වෙත බෙදා දී තිබෙනවා. source-hiru
98 total views, 2 views today