මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ලබන 28 වැනි දා විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. මහා මාර්ග අමාත්‍යංශය පැවසුවේ ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදු කිරීමට මේ වන විට කටයුතු කරන බවයි.
මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස හුවමාරු මධ්‍යස්ථාන 5කින් සමන්විත වනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අදියර 4ක් යටතේ සිදු කෙරෙන බවයි මහා මාර්ග අමාත්‍යංශය සඳහන් කළේ. source-hiru
90 total views, 2 views today