ඊයේ (19) දින අනුරාධපුරයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරි හමුවකට එක්වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළහොත් හෙට වුවද ආණ්ඩුවෙන් ඉවත්වීමට සිය මැතිඇමතිවරුන් සුදානම් බවයි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මහින්ද අමරවීර අමාත්‍යවරයා,
“දැන් ජනාධිපතිතුමාටත් නැවත හිතන්න වෙලා තියෙනවා පහුගිය අවුරුදු 2 අත්හැරුණු වැඩ, වැරදුණ තැන්, අතපසු වුණ තැන් පිළිබඳව සමාලෝචනයක් කරලා මේ අවුරුදු 3 හරියට සැලසුම් කරලා යන්න පුළුවන් නම් ඒක එතුමාටත් එතුමාගේ නමටත් හොඳයි. මේක අපි හදපු ආණ්ඩුව. එකෙදි වෙන අසාධාරණකම් තියෙනවා. ප්‍රාදේශීය සභාවල අයවැය ලේඛනයට අපිට උදව් කරන්නේ නෑ ඒ වගේ කියනවා. ස්වාධීන තීරණ ගන්න. මේ පක්ෂය ඒකට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නේ නෑ. අපේ කරමතින් ගිහින් ඒ අයට බඩපිණුම් ගහන්න දෙන්න බෑනේ. ඊළඟට ගම්මට්ටමේ ශාඛා සමිති, ඔන්න ඔතන තමයි ඔබතුමන්ලාට කාර්යභාරය. ඒක හදලා තමයි අපිට කියන්න ඕනේ ඔන්න, දැන් අපි හරි වැඩේ හරි දැන් එළියට බහින්න කියලා. එළියට බහින එක ගැන හෙට තීන්දුවක් ගත්තත් අපි කියලා තියෙනවා, මධ්‍යම කාරක සභාවේ හොඳ තක්සේරුවක් කරලා තීන්දුවක් ගන්න. හෙට තීන්දුවක් ගත්තොත් අපි හෙටම මේ තනතුරු සියල්ල දාලා අයින් වෙන්න අපේ කිසිම බාධාවක් නෑ. අපි ඒකට කැමැත්ත දීලා තියෙනවා. දැනටමත් අපි කියලා තියෙන්නේ ඕන වෙලාවක. පක්ෂයක් විදියට ඒ තීන්දුව ගන්නවා.”
එහිදි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ද පාක්ෂිකයින් ඇමතීය,
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම ඉල්ලන්න ඕනේ කියන යෝජනාව පක්ෂය තුළත් බොහෝවිට අපි කතා බහ කරලා තියෙනවා. හැබැයි අපේ ඒ ප්‍රකාශයත් එක්කම අපිට යම් හයියක් තියෙනවා කියන එකත් ඒ අයටත් තේරෙන්න ඇති. නිකන්ම නෙමෙයි අපි ඉන්නේ යන්න ඕනේ නම් යන්නත් අපි සුදානම් කියන පණිවුඩය.”
source-derana
72 total views, 2 views today