What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Monday, May 23
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»හෙට සෞඛ්‍ය අංශ වෘත්තීය සමිති 16ක් විරෝධතාවයක
    Local

    හෙට සෞඛ්‍ය අංශ වෘත්තීය සමිති 16ක් විරෝධතාවයක

    writerBy writerNovember 16, 2021No Comments2 Mins Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    හෙට (17) දින සෞඛ්‍ය අංශ වෘත්තීය සමිති 16ක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම 2021 නොවැම්බර් 24 සහ 25 දෙදින වැඩ වර්ජනයක් ද වෘත්තීය සමිති විසින් නිවේදනය කර තිබෙනවා. උසස්වීම්වල විෂමතා ඉවත් කිරීම, උසස්වීම්වලට අදාළ චක්‍රලේඛ නිකුත් කිරීම, විශේෂ දීමනා වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය අංශ වෘත්තීය සමිති හෙට මෙම විරෝධතාවයේ නිරත වනවා.

    විරෝධතාවය පැවැත්වීමට තීරණය කර ඇත්තේ බලධාරීන් විසින් විසඳා ගැනීමට අපොහොසත් වූ තම ඉල්ලීම් සඳහා පිළිතුරක් ලබා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට සතියක අවසාන කාලයක් ලබා දීමෙන් පසුවයි. නොවැම්බර් 9 වැනි දින ක්‍රියාත්මක කළ තම වැඩවර්ජන ක්‍රියාමාර්ගයට සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවත් ඒ නිසා පිළිතුරු ලබාදීමට සතියක කාලයක් ලබාදුන් බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ (GNOA) සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසුවා.

    මෙම විරෝධතාවයට වෘත්තීය සමිති සාමාජිකයින් 2,000ක් පමණ සහභාගී වන බවත් හෙදියන්, ඖෂධවේදීන්, වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයට අනුබද්ධ වෘත්තීය සමිති 16ක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහභාගි වන බවද රත්නප්‍රිය මහතා පැවසුවා.

    මේ අතර, නොවැම්බර් 24 සහ 25 යන දිනවල ශ්‍රී ලංකාවේ සියලුම රෝහල් ආවරණය වන පරිදි වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් පැවැත්වීමට සෞඛ්‍ය අංශ වෘත්තීය සමිති 16 ද තීරණය කර ඇති බව ද රත්නප්‍රිය තහවුරු කළා. ශ්‍රී ලංකාවේ ඇති පිළිකා රෝගීන් සඳහා සහ ළමා රැකවරණය සපයන රෝහල් වැනි හදිසි සේවා සපයන රෝහල් හැර අනෙකුත් සෑම තැනකම වැඩවර්ජනය ක්‍රියාත්මක වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.source-colombotimes

     348 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleඊයේ (15) දින රටේ සමස්ත කොරෝනා තත්වය
    Next Article හෙට සිට 60 ඉක්මවූ පිරිසට බූස්ටර් එන්නත

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.