අද (16) දින සමගි ජන බලවේගය විසින් කොළඹදි පැවැත්විමට නියමිත උද්ඝෝෂණයට සහභාගි විම සදහා නුවරඑලිය ප්‍රදේශයෙන් කොළඹට පැමිණෙමින් සිටි සමගි ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසක් ආපසු හරව යැවිමට පොලිසිය කටයුතු කර තිබෙනවා. හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම ප්‍රදේශයේදි පොලිස් මාර්ග බාධකයක් යොදවමින් ඩයගම, තලවකැලේ සහ දිඹුල පතන පොලිසියේ නිලධාරින් එම මාර්ගයේ ධාවනය වන සියළුම බස් රථ අද දින උදැසන සිටි පරික්ෂාවකට කළා.
එහිදි ව්‍යාජ තොරතුරු පොලිසිය වෙත ඉදිරිපත් කරමින් බස් රථ වලින් පැමිණි පිරිස එම ස්ථානයෙන් යැමට උත්සහ කිරිමේදි එම ස්ථානයේ රැදි සිටි පොලිස් නිලධාරින් මහර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති වාරණ නියෝගයක් බස් රථයේ සිටි සියළු දෙනා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක්ද ඇතිවුණා. පසුව බස් රථයේ පැමිණ පිරිස අධිකරණ නියෝගයට ගරු කරමින් ආපසු බස් රථය නුවරඑළිය දක්වා ධාවනය කළා.





source-colombotimes
82 total views, 2 views today