What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Monday, May 23
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»පහළ කඩුගන්නාව මාර්ගය සහ දුම්රිය මාර්ගයේ නාය යාම ගැන පැහැදිලි කිරීමක්
    Local

    පහළ කඩුගන්නාව මාර්ගය සහ දුම්රිය මාර්ගයේ නාය යාම ගැන පැහැදිලි කිරීමක්

    writerBy writerNovember 16, 2021No Comments2 Mins Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නායයෑම් පර්යේෂණ සහ අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආර්. එම්. සෙනරත් බණ්ඩාර මහතා පවසා සිටින්නේ කොළඹ- නුවර දුම්රිය මාර්ගය හෝ කොළඹ නුවර මහා මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස නායයෑමේ කිසිදු අවදානමක් නැති බවයි.

    පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයෑම් අවදානම සහිත කලාපය මේ වන විටත් පූර්ණ පරීක්ෂණයකට ලක් කර ඇති බවයි ඊයේ (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ. කොළඹ නුවර දුම්රිය මාර්ගය නායයෑම් අවදානම් සහිත බවට ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද ඒ මහතා ප්‍රකාශ කළා.

    කොළඹ නුවර දුම්රිය මාර්ගයේ කඩුගන්නාව කොටස සහ කොළඹ නුවර මහා මාර්ගයේ කඩුගන්නාව කොටස ඉදි කිරීමේදී නිවැරදි තාක්ෂණ උපක්‍රම යොදාගෙන ඇති බව පර්යේෂණවලින් තහවුරු වී තිබෙනවා. කොළඹ නුවර දුම්රිය මාර්ගයේ කඩුගන්නාව කොටස නායයෑමේ මෙන්ම එම මාර්ගයට පස්කඳු කඩා වැටීමේ අවදානමක් ද නොමැති බවයි ඔහු සඳහන් කළේ.

    කොළඹ නුවර මහා මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස නායයෑමේ අවදානමක් නොමැති අතර මාර්ගයට ඉහළින් කන්දේ යම්කිසි ප්‍රදේශයක් පුරා නාය යෑමේ ලක්ෂණ ඇති වී තිබෙනවා. නමුත් මාර්ගය නාය යෑමක් කිසිසේත්ම සිදු නොවන බව පෙන්වා දෙන ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය මාර්ගය වසා දමා තිබෙන්නේ ඉහළ පස්කදු මාර්ගයට කඩා වැටීමේ අවදානමක් පැවතීම හේතුවෙන් බවයි පෙන්වා දෙන්නේ.

    එම නායයෑමේ අවදානම අවම කිරීමට දැනටමත් අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙන අතර ඒ අනුව සාමාන්‍ය කාලගුණික තත්ත්වයක් යටතේ ඉදිරි දින කීපය තුළදී මාර්ගයේ එක් මංතීරුවක් හෝ විවෘත කිරීමටද තීරණය කර තිබෙනවා. source-colombotimes

     128 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleසමගි ජන බලවේගයේ උද්ඝෝෂණයට පැමිණි පිරිසක් හරවා යවයි
    Next Article අද සිට උතුරු මාර්ගයේ දුරගමන් දුම්රිය ධාවනයට එක්වෙයි

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.