සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ගබඩා කර ඇති බොරතෙල් අවසන් වීම හේතුවෙන් එහි නිෂ්පාදන කටයුතු අද සිට නතර කර තිබෙන බව පිරිපහදුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු තහවුරු කරනු ලැබුවා. බොරතෙල් මිල දී ගැනීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ ටෙන්ඩර්වලට බොරතෙල් සැපයුම්කරුවන් ඉදිරිපත් නො වීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි වාර්තාවන්නේ.
මේ හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක්ද මතුවිය හැකි බවයි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත්, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් සඳහන් කළේ තවත් දින 15කට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බවයි.
source-hiru
30 total views, 2 views today