ඊයේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කලේ අයවැයට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ලබාදීම සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාව රැස්වී තීරණය කරන බවයි.
එසේම, ගාල්ල ප්‍රදේශයේදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ප්‍රකාශ කළේ අයවැය තුළින් සාමාන්‍ය ජනතාවට කිසිදු සහනයක් ලබා දී නොමැති බවයි.
කෙසේ වෙතත්, මීගමුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දැක් වූ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ, මෙවර ඉදිරිපත් කර ඇත්තේ ඉතා සාර්ථක අයවැයක් බවයි. source-hiru
50 total views, 2 views today