What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Sunday, May 22
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»දෙමටගොඩ රුවන් තවදුරටත් රිමාන්ඩ්
    Local

    දෙමටගොඩ රුවන් තවදුරටත් රිමාන්ඩ්

    writerBy writerNovember 13, 2021No Comments2 Mins Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    නීතිවිරෝධී ලෙස වත්කම් හා දේපළ උපයාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙමටගොඩ රුවන් හෙවත් රුවන් චමින්ද නමැත්තා ලබන 19 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගකර තිබේ.

    කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් එම නියෝගය ලබාදුන් අතර ඕනෑම කොන්දේසියක් යටතේ සැකකරු ඇප මත මුදාහරින ලෙස විත්තිය සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය ද එදින නිකුත් කරන බව එහිදී දැනුම් දුන් බව වාර්තා වේ.

    දෙමටගොඩ රුවන් නමැත්තා විසින් අයථා ලෙස උපයාගත් මුදලින් ඔහුගේ 26 හැවිරිදි පුත්‍රයා ඇතුළු පිරිසකගේ නමින් මිලදී ගෙන ඇති කෝටි ගණනාවක සුඛෝපභොගි වාහන 8ක් මේ වන විට පොලීසිය භාරයට ගෙන ඇති බව රජයේ අධිනිතීඥ හංස අබේරත්න මහතා අධිකරණයට දැනුම්දී ඇති බව සඳහන් වේ.

    එමෙන්ම ඔහුගේ නිවසේ තිබී සොයාගත් කිලෝ එකහමාරක රන් ආභරණවල වටිනාකම අනාවරණය කර ගැනීම සඳහා ඒවා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමු කිරීමට ද පියවර ගෙන ඇති බව රජයේ අධිනීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

    සූක්ෂම ආකාරයෙන් රැස් කරගත් තොරතුරු මත පදනම්ව සහ හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් සිව් දෙනෙකුගෙන් අනාවරණය වූ කරුණු මත අදාළ පරීක්ෂණය සිදුකරන බව රජයේ අධිනිතීඥ හංස අබේරත්න මහතා අධිකරණය හමුවේ සඳහන් කර ඇත.

    මේ අතර කොළඹ ජනාකීර්ණ ප්‍රදේශයක දෙමටගොඩ රුවන් නමැත්තාගේ බිරිඳ විසින් හෝටලයක් පවත්වාගෙන යාමට වත්කම් උපයා ගත් ආකාරය අනාවරණය කිරීමට නොහැකි වී ඇති අතර අදාළ අවහන්හලෙන් ගත වූ වසර 3 තුළ වාර්ෂික ලාභය රුපියල් ලක්ෂ 5 බැගින් වන බවට ආදායම් බදු දෙපාර්තමේන්තුව හමුවේ සඳහන් කර ඇති බව ද අනාවරණය වී ඇති බව සඳහන් වේ.

    කෙසේවෙතත් වැටලීම් සිදුකිරීමෙන් අනතුරුව අදාළ ආදායම රුපියල් ලක්ෂ 50 බැගින් වෙනස් කර ඇති බව රජයේ අධි නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කර තිබේ. source-derana

     30 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleවිදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලීමක්
    Next Article කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.