මෙවර අයවැයේ වැදගත් ම යෝජනාව වන්නේ ගම සමඟ පිළිසඳර ග්‍රාමීය සංවර්ධන වැඩසටහන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. අයවැය කතාව ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
“මෙවර අයවැයේ වැදගත්ම යෝජනාව වන්නේ, ගම සමඟ පිළිසඳර ග්‍රාමීය වැඩසටහන. මේ සඳහා මෙරට තියෙන ග්‍රාම සේවා වසම් 14,021ක ටම එක ග්‍රාම සේවා වසමකට භේදයකින් තොරව රු මි 3ක් නැත්නම් ලක්ෂ 30ක් අපි වෙන් කරනවා. ඒ අනුව මිලියන 42,063ක් වෙන් කරනවා. කුඩාම පළාත් පාලන ආයතනය ඒකකය තමයි මෙහි කොට්ඨාසය. කොට්ඨාස 4,917ක් ලංකාවේ තියෙනවා. ඒ හැම කොට්ඨාසයකට ම මිලියන 4ක් නැත්නම් ලක්ෂ 40ක් වෙන් කරනවා “ source-derana
98 total views, 2 views today