නිසි බලධාරියකුගේ අවසරයකින් තොරව ජනතා ඒකාරාශිවීම් සහ රැස්වීම් පැවැත්වීම වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අවසරයකින් තොරව ජන ඒකාරාශිවීම් හා රැස්වීම් පවත්වන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි එහි සඳහන් වන්නේ. දැනට සමස්ත ශ්‍රී ලංකාවම කොවිඩ් -19 සම්බන්ධයෙන් රෝගී ප්‍රදේශයක් ලෙස මෙමගින් නම් කර ඇති අතර නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥාපනතට සංශෝධන කිහිපයක් එකතු කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල විසින් මෙම අතිවිශෙෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.


source-hk
102 total views, 2 views today