ලංගම ආපදා රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් ලොරි රථයේ රියදුරා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. හැටන් ලංගම ඩිපෝවට අයත් ආපදා රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් බරපතල ලෙස තුවාල ලැබු ලොරි රථයේ රියදුරා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත අද (11) දින ඇතුලත් කිරිමෙන් පසු ජිවිතක්ෂයට පත්වී ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසුවා.
අද උදැසන 6.45 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන බගතුළුව ප්‍රදේශයේදී වනවා. හැටන් ලංගම ඩිපෝවට අයත් ආපදා රථය මාතලේ දක්වා ධාවනය කරන අවස්තාවේ නාවලපිටිය සිට ගිනිගත්හේන හරහා පිලියන්දල දක්වා ධාවනය වු ලොරි රථයේ රියදුරාට, ලොරි රථය පාලනය කර ගැනිමට නොහැකිව ගිනිගත්හේන බගතුළුව පාලම අසලදි ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම ආපදා රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇති බව අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය කියා සිටියා.
අනතුරෙන් ලංගම ආපදා රථයට සහ ලොරි රථයට දැඩි අලාභ හානි සිදු වී තිබෙනවා.



source-colombotimes
48 total views, 2 views today