මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ලබන වසර සඳහා වන අයවැය යෝජනා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒමෙවර අයවැයේදී අයවැය හිඟය අඩු කරගනිමින් මෙරට ආර්ථිකය පවත්වා ගැනීමට අවධානය යොමු විය යුතු බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. මෙවර විසර්ජන පනත් කෙටුම්පතට අනුව ඇස්තමේන්තුගත සමස්ත වියදම රුපියල් බිලියන 5134 ක්. ඉන් රුපියල් බිලියන 1521 ක් රාජ්‍ය ණය ආපසු ගෙවීම සඳහා වන වියදම් වන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා රුපියල් බිලියන 980 යි දශම 2ක් වැය වනවා. මෙවර අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණය ඉහළ නැංවිය යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ, කොරෝනා තත්ත්වයන්ට දීමටත්, පරීක්ෂණ සහ එන්නත්කරණය පුළුල් කිරීමට මෙන්ම රෝහල් තුල පහසුකම් වැඩි කිරීම සඳහා එලෙස ප්‍රතිපාදන ඉහළ නැංවිය යුතු බවයි. source-hiru
210 total views, 2 views today