අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියේ, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලින් පාඨමාලා සම්පූර්ණ කරන ශික්ෂාලාභීන්ගේ ඩිප්ලෝමාව ගෞරව උපාධියක් ලෙස ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් මගින් සාකච්ඡා කර අධ්‍යාපන අමාත්‍යවරයා වෙත කරුණු ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවයි. ඒ, සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥයන්ගේ වෘත්තීය සංගමය ඇතුළු වෘත්තීය සමිති වෙත ලිපියක් යොමු කරමින්.
එහිදී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ යෝජනාව පිළිබඳ අවසන් කෙටුම්පත ලබන වසරේ ජනවාරි 18ට පෙර ඉදිරිපත් කළ යුතු බවට තීරණය කළ බවයි. සියලු කාර්යයන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ අධීක්ෂණයට යටත්වන අතර, නියමිත දිනට අදාළ යෝජනා සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළා.
මේ අතර, 2020 සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ දෙසැම්බර් 1 වනදා සිට දෙසැම්බර් 11 වනදා දක්වා පැවැත්වීමට කටයුතු සිදු කරමින් පවතින බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා. source-hiru
78 total views, 2 views today