දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පාරිභෝගිකයින් දෙලක්ෂ 20,000කට පමණ විදුලිය ඇණහිට ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා. විදුලි සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත් කළ හැකි ප්‍රදේශවල පාරිභෝගිකයින්ට ඉදිරි පැය කිහිපය තුළ විදුලිය ලබාදීමට කටයුතු කරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
ඇතැම් ප්‍රදේශවල ගස් කඩා වැටීම් හා නායයාම් හේතුවෙන් ඇති වූ හදිසි තත්ත්වයන් නිසා විදුලිය සැපයීමේ යම් ප්‍රමාදයන් සිදුවිය හැකි බව ද විදුලිබල අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ වාරි ජලාශ 14න්, 7ක්ම වාන් දමමින් පවතින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ප්‍රකාශ කළා.
එහි සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර සඳහන් කළේ ඊයේ දිනයේදී දිස්ත්‍රික්කයට ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් තිසා වැව, අභයවැව, මහවිලච්චිය, රාජාංගණය, අංගමුව, නාච්චාදූව සහ තුරුවිල ජලාශ වාන් දමමින් පවතින බවයි. මේ වන විට අයහපත් කාලගුණය අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1198 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. source-hiru
94 total views, 2 views today