හොරණ, පොරුවදණ්ඩ, ගනේතැන්න ප්‍රදේශයේ රබර් වත්තක කැලෑ සහිත ප්‍රදේශයක තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබේ. 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද පණිවුඩයක් මත හොරණ පොලීසිය විසින් ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇත. මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, අවුරුදු 35ක් පමණ පෙනුම ඇති පිරිමි පුද්ගලයෙක් බවට සැකකරන බව ද පොලීසිය සඳහන් කරයි.
මියගිය පුද්ගලයාගේ වම් අතේ උඩ බාහුවේ අත වටා ලියවැලක හැඩැති පච්චයක් කොටා ඇතැයි ද පොලීසිය පැවසීය. මෘත ශරීරය සම්බන්ධයෙන් මුලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ඇති අතර, හොරණ රෝහලේ මෘත ශරීරය තැන්පත් කර තිබේ. හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි. source-derana
96 total views, 2 views today