“සියල්ලටම පෙර දරුවන්” යන තේමාව යටතේ පැවැත්වුණු මෙවර ලෝක ළමා දින ජාතික වැඩසටහනට සමගාමීව බේරුවල කොට්ටාසයේ සිසු දරු දැරියන් සඳහා අත්‍යවශ්‍ය වියලි ආහාරදිවයින පුරා පාසල් 7,926ක දිවා ආහාර වේල හිමි දුවාදරුවන් 1,081,927ක් සඳහා රුපියල් මිලියන 1,229ක වියදමකින් යුතුව වියලි සලාක ලබාදීමේ ජාතික වැඩසටහනේ කළුතර දිස්ත්‍රික්කයේ පාසල් 301ක දුවාදරුවන් 41,679ක් සඳහා මෙම ප්‍රතිලාභ හිමිවනු ඇත.
ඒ අනුව බේරුවල කොට්ඨාසයේ පාසල්වල දරු දැරියන්ට ද වියලි සලාක ලබාදීම පසුගිය දා සිදුවිය .ඒ අනුව වරාපිටිය කනිෂ්ට විද්‍යාලය, බණ්ඩාරනායක නවෝද්‍යා මහා විදුහල, රෝමානු කතෝලික කනිෂ්ට විද්‍යාලය, සුජාතා බාලිකා විද්‍යාලය, වේරගල ශ්‍රී දේවමිත්ත ප්‍රථමික විද්‍යාලය, අල් හසනියා විද්‍යාලය, අරියවංශ මහා විද්‍යාලය, මාගල්කන්ද බෞද්ධ කනිෂ්ට විද්‍යාලය, දුවෙගොඩ ප්‍රථමික විද්‍යාලය, කළුවාමෝදර කනිෂ්ට විද්‍යාලය හා මග්ගොන ශාන්ත මරියා විද්‍යාලය යන පාසල් කේන්ද්‍ර කරගනිමින් බේරුවල අධ්‍යාපන කොට්ටාසයේ මෙම වැඩසටහන ආරම්භ විය.
බේරුවල ප්‍රාදේශීය සභා සභාපති මේනක විමලරත්න මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ද රාජ්‍ය නිලධාරින්ද මෙම අවස්ථාවට සහභාගි විය. මෙම වැඩසටහන මුළු දිවයින පුරාම ක්‍රියාත්මක වේ.
















38 total views, 2 views today