වෙළදපොළේ සීනි පිළිබඳව ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය පැහැදිලි කර ගැනීම සඳහා ඒ පිළිබදව වෝහාරික වාර්තාවක අවශ්‍යතාව පවතින බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. ඒ පිළිබදව තමන් මුදල් පිළිබද කාරක සභාව හමුවේදී ද අවස්ථා කිහිපයකදී අවධාරණය කළ බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පසුගිය දා එම කාරක සභාව රැස් වූ අවස්ථාවේදී සදහන් කර ඇත්තේ, නුදුරේදීම රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් එය ඉදිරිපත් කළ පසු ඒ පිළිබදව දීර්ඝ ලෙස සංවාදයක නිරතවීමට මුදල් පිළිබද කාරක සභාවට හැකියාවක් පවතින බවයි.
මේ අතර, ආනයන අපනයන පනත යටතේ පසුගිය වසරේ ඔක්තෝම්බර් 29 වන දා සිට ක්‍රියාත්මක වූ සුදු සීනි සඳහා වූ බලපත්‍ර ක්‍රමය ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ ගැසට් පත්‍රයට ද රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. source-hiru
108 total views, 2 views today