අධික වර්ෂාපතනය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ මාර්ග දෙකක් කිලෝමීටර් දෙකක පමණ ප්‍රමාණයක් ජලයෙන් යට වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව පුත්තලම නගරයේ සිට කොළඹ දෙසට ඇති පාලවී ප්‍රදේශය සහ පුත්තලම කුරුණෑගල මාර්ගයේ අරලිය උයන, 02 කණුව, තම්බපණ්ණී යන ප්‍රදේශ වල මාර්ග මෙලෙස ජලයෙන් යටව පවතිනවා.
මේ හේතුවෙන් එම මාර්ගවල ගමනාගමනය අඩාල වී ඇති හෙයින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. source-colombotimes
94 total views, 2 views today