නිෂ්පාදන පිරිවැය ඉහළයාම හේතුවෙන් පොලිතින් බෑග්වල මිල ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයින්ගේ සහ ප්‍රතිචක්‍රීකරන්නන්ගේ සංගමය පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ලෝක වෙළඳපළේ අමුද්‍රව්‍ය මිල ඉහළ යාම මීට මූලික හේතුව වී ඇති බවයි.
වෙළදපළේ තවදුරටත් සිමෙන්ති සහ ගෑස් හිඟයක් පවතින අතර පාරිභෝගිකයින් ප්‍රකාශ කළේ ඒ හේතුවෙන් ඒවායේ මිල ගණන් ද ඉහළ ගොස් ඇති බවයි. එසේම සීනි සහ සහල්වල මිල ගණන් ද පාලනයකින් තොරව ඉහළ ගොස් ඇති බවටයි පාරිභෝගිකයින් චෝදනා නගන්නේ. source-hiru
110 total views, 2 views today