ශ්‍රී ලාංකික හස්ත කර්මාන්ත නිෂ්පාදන, චීනයේ ප්‍රචලිත කිරීම සඳහා නව ව්‍යාපෘතියක් ආරම්භ වී තිබෙනවා. ඒ සඳහා ලක්සල ආයතනය, මෙරට තොරතුරු තාක්ෂණ සමාගමක් වන සාලා සමූහය සමඟ එක්ව චීනයේ ගුවන්ඩොන්හි අලියා ස්ලීප් ටෙක්නොලජි සමාගම සමඟ ගිවිසුමකට එක්වුණා.
සූම් තාක්ෂණය ඔස්සේ අදාළ ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට බතික්, අත්යන්ත්‍ර සහ දේශීය රෙදිපිලි නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සහ ආචාර්ය පාලිත කොහොනද එක්වී තිබෙනවා. චීන ජනතාවගේ අතිරේක ආදායම් හැකියාව පසුගිය වසර තුළ සියයට 13 කින් ඉහළ ගොස් ඇති අතර, මෙරට හස්ත කර්මාන්ත සඳහා චීනය හොඳ වෙළඳපොලක් ලෙසයි සැළකෙන්නේ. source-hiru
34 total views, 2 views today