ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 15ක් ඇතුළත් භාණ්ඩ මල්ලක් වෙළෙඳපොළේ පවත්නා මිලට වඩා රුපියල් 1,000ක් අඩුවෙන් මිලදී ගතහැකි බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. සතොස ඍජු දුරකථන අංක වන 1998ට ඇමතීමෙන් මෙම භාණ්ඩ වර්ග 15 මිලදී ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව සලසා ඇති බව අමාත්‍යවරයා පැවසුවා.
ලෝකයේ භාණ්ඩ මිල නිර්ණය කරන රටවල්වල සැපයුම් ජාලය කඩා වැටීමෙන් රටකට ඇති එකම විසඳුම නිෂ්පාදනය ශක්තිමත් කිරීම පමණක් බවයි ඔහු සඳහන් කළේ. ලංකා සතොස අලෙවිසල් ජාලය හරහා පාරිභෝගිකයාට සහන දීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා. source-colombotimes
60 total views, 2 views today