පොහොර සහ කෘෂි රසායනික හිඟය හමුවේ ආර්ථික මධ්‍යස්ථාන වල එළවලු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. ඒ ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබෙන එළවලු තොග සැලකිය යුතු ලෙස අඩු වීම හේතුවෙන්. දඹුල්ල සහ කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථාන වල වෙළදුන් සඳහන් කළේ පොහොර සහ කෘෂි රසායනික හිඟය සමග ගොවීන් වගා කටයුතුවලින් ඈත් වීම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණෙන එලවලු තොග සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇති බවයි.
එමෙන්ම ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණෙන එලවලු වලින් විශාල කොටසක් ගොවීන්ට කෘෂි රසායනික නොමැතිවීම හමුවේ නරක් වීමට ලක්වී ඇති බවයි. මේ අතර කාබනික ද්‍රව්‍ය භාවිතයෙන් කෘමිනාශක වර්ගයක් නිෂ්පාදනය කල ගොවි මහතෙකු පිළිබඳ පුවත්ක් රඹුක්කන – වලගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා. එමෙන්ම රජය මගින් ලබා දෙන කාබනික පොහොර භාවිතයෙන් ඇතැම් ගොවීන් මේ වන විට වගා කටයුතු ආරම්භ කර තිබෙනවා. source-hiru
18 total views, 2 views today