සේවකයන් සියයට 100 කට වැඩි සංඛ්‍යාවක් සිටින පෞද්ගලික ආයතනවල සියලුම සේවකයන් පූර්ණ එන්නත්කරණය ලැබිය යුතු බවට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් නිකුත් කළ නියෝගයට එරට අභියාචනාධිකරණයෙන් වාරණයක් පනවා තිබෙනවා.
ජනපති බයිඩ්න්ගේ නියෝගයට අනුව එලෙස සේවකයන් පූර්ණ එන්නත්කරණය නොලබන ආයතනවල සතිපතා කොරෝනා පරීක්ෂාවන් සිදුකළ යුතුයි. කෙසේ නමුත් ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත එම නියෝගය මගින් ඇමරිකානු ව්‍යවස්ථාවෙන් ස්ථාපිත නිදහස උල්ලංඝනය වන බවටයි අධිකරණය තීරණය කර ඇත්තේ.
මේ නිසා ඊට ප්‍රතිචාර ගොනුකරන ලෙස අභියාචනාධිකරණය බයිඩ්න් පරිපාලනය වෙත දන්වා තිබෙනවා. ජනපති බයිඩ්න්ගේ එන්නත්කරණ නියෝගයට එරෙහිව රිපබ්ලිකන් පාලනය සහිත ප්‍රාන්ත 5 ක් සහ පෞද්ගලික සමාගම් මෙන්ම ආගමික කණ්ඩායම්ද පෙත්සම් ගොනුකර තිබුණා. source-hiru
38 total views, 2 views today