වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ජලාශ 73න් 30කට වැඩි ප්‍රමාණයක ජල ධාරිතාව මේ වනවිට 80% මට්ටම ඉක්මවා ගොස් තිබෙනවා. පවතින වැසි තත්ත්වය ඉදිරියටත් පැවතිය හොත් තවත් ජලාශ වාන් දැමිය හැකි බැවින් ජලාශ සහ ඇළ මාර්ග භාවිත කිරීමේදී විමසිලිමත් වන ලෙසයි එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
නිරිත දිග මෝසම පවතින මෙම අවස්ථාවේ වැසි ජලය උපයෝගී කරගනිමින් වගා කටයුතු සිදු කරන්නේ නම් ජලාශවල ජලය ඉදිරි යල කන්නය සඳහා ඉතිරි කර ගැනීමේ හැකියාව පවතින බවද ඔහු පෙන්වා දුන්නා. source-hiru
68 total views, 2 views today