නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය ගමන්වාර ලබන 8 වැනි සඳුදා සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර කියා සිටියේ, රාත්‍රී තැපැල් දුම්රිය සහ සාමාන්‍ය කාලසටහන් වල රාත්‍රී 7න් පසුව දුම්රිය ධාවනය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරියේදී තිීරණයකට එළඹෙන බවයි. කොරෝනා ව්‍යාප්තිය පාලනය යටතේ තිබූ අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ඉකුත් පළමු වැනි දා සිට අන්තර් පළාත් කාර්යාල දුම්රිය පමණක් ආරම්භ කෙරුණා.
කෙසේ වෙතත් මේ වන තෙක් රාත්‍රී 7න් පසුව දුරගමන් සේවා දුම්රිය මෙන්ම කෙටි දුර ධාවන දුම්රිය ගමන් වාරද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන්නේ නැහැ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දැනට ක්‍රියාත්මක ක්‍රමවේදයට අනුව රාත්‍රී 7න් පසුව මගී අවශ්‍යතාවය මත පමණක් දුම්රිය යෙදවීමට කටයුතු කෙරෙන බවයි. source-hiru
110 total views, 4 views today