කොරෝනා ආසාදනයෙන් පෙනහලු අක්‍රිය වී මරණයට පත්වීමේ අවදානම දෙගුණ කරන ජානයක් සොයාගැනීමට බි්‍රතාන්‍යයේ ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් සමත් වී තිබෙනවා. නව අනුක තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය යොදාගනිමින් වෙන් කරගනු ලැබූ මෙම ජානය එල්. ඉසෙඩ් ටී එෆ් එල් – එක ලෙසයි හඳුන්වා ඇත්තේ. මෙම ජානය දකුණු ආසියානු පසුබිමක් සහිත පුද්ගලයන්ගෙන් සියයට 60 ක් තුළ පවතින බව අනාවරණ වී ඇති අතර, යුරෝපීය සම්භවය සහිත පුද්ගලයන්ගෙන් සියයට 15 ක් තුළ දක්නට ලැබෙන බව සඳහන්.
අප්‍රිකානු සහ කැරිබියානු සම්භවයක් සහිත පුද්ගලයන්ගෙන් සියයට දෙකක් තුළ සහ නැගෙනහිර ආසියානු සම්භවයක් සහිත පුද්ගලයන්ගෙන් සියයට 1.8 ක් තුළ මෙම ජානය හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව දකුණු ආසියාතිකයන්ට කොරෝනා අවදානම වැඩි වශයෙන් බලපෑමේ හේතුව අනාවරණ වන බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. ඔක්ස්ෆඩ් සරසවියේ පර්යේෂණ කණ්ඩායමේ මහාචාර්ය ජේම්ස් ඩේවිස් පෙන්වා දෙන්නේ කොරෝනා වසංගතයෙන් ඇතැම් ජන ප්‍රජාවන් වැඩි අවදානමකට ලක්වීම වටහාගත යුතු කරුණක් බවයි.
මෙම ජානය මගින් කොරෝනා වෛරසය පෙනහලුවලට ආසාදනය වීම පහසු කරන්නේ එය වැළැක්වීමේ යාන්ත්‍රණය අක්‍රිය කිරීමෙන්. එහෙත් එමඟින් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑමක් ඇති කරන්නේ නැහැ. මේ නිසා එන්නත්කරණය තුළින් තවදුරටත් මෙම අවදානම වළක්වාගත හැකි බවයි ඔක්ස්ෆඩ් විද්‍යාඥයින් අවධාරණය කළේ. . source-hiru
50 total views, 2 views today