මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරඟය ජයග්‍රහණයකින් නිමා වුණා. ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති තරඟය ලකුණු 20 කින් ජය ගනිමින්. තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 3ක් දැවී ලකුණු 189ක් ලබා ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 169ක් පමණයි. පන්දු යැවීමේ දී වනිදු හසරංග, බිනුර ප්‍රනාන්දු හා චාමික කරුණාරත්න අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා. ඒ අනුව මෙම තරගයෙන් කොදෙව්වන් පරාජය වීම හේතුවෙන් ඔවුන්ට ද තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා. source-hk
104 total views, 4 views today