යුගදනවි බලාගාරයේ රජය සතු 40%ක කොටස් ඇමෙරිකානු සමාගමකට පවරාදීමේ ගිවිසුම අහෝසි කරන ලෙස ඉල්ලා ක්‍රියාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට, අදාළ වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් කියා සිටියේ ඒ සම්බන්ධයෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශවල වෘත්තීය සමිතිවල සහය ලබාගැනීමට හෙට විශේෂ සාකච්ඡාවක්ද කැඳවා ඇති බවයි.
කෙසේ වෙතත්, යුගදනවි ගිවිසුම අත්සන් කළේ එහි මූලික කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු ඊයේ ප්‍රකාශ කළේ. source-hiru
42 total views, 2 views today