බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, නමුණුකුල ප්‍රදේශයේ තද වැසි සහිත තත්ත්වයක් වාර්තාවෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ හේතුවෙන් ඇල්ල සිට නමුණුකුල හරහා පස්සර මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගෙන තිබේ.
පවතින අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් එම මාර්ගයේ ගල් පෙරළීම් සහ පස්කඳු කඩාවැටීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වෙයි. ඒ හේතුවෙන් විකල්ප මාර්ගය ලෙස බදුල්ල පස්සර ප්‍රධාන මාර්ගය භාවිත කළ හැකි බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙයි. source-derana
48 total views, 2 views today