අදට (04) යෙදී ඇති දීපාවලි උත්සවය නිමිත්තෙන්, බස්නාහිර පළාතේ, මධ්‍යම පළාතේ සහ උතුරු පළාතේ සියලුම හින්දු පාසල් අනිද්දා (05) දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පැවසුවේ, ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල පිහිටි සියලුම හින්දු පාසල් සඳහා මෙම නිවාඩු දිනය වලංගු බවය.
අදාළ නිවාඩු දිනය වෙනුවෙන් නොවැම්බර් මස 13වන සෙනසුරාදා එම හින්දු පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරීමට ද නියමිතය. source-derana
84 total views, 2 views today