What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Tuesday, May 24
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»දීපාවලි දිනය අදයි
    Local

    දීපාවලි දිනය අදයි

    writerBy writerNovember 4, 2021No Comments2 Mins Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    අද (04) දින ලොව පුරා හින්දු බැතිමතුන් දීපාවලි දිනය සමරනු ලබයි. ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගනු ලබන දීපාවලි දිනය හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් ලෙස සැලකේ. නව සඳ උදාවීමට සමගාමීව යෙදෙන දීපාවලි උත්සවය අයහපත පරදා යහපතත්, අඳුර පරදා අලෝකය උදාවීමත් සංඛේතවත් කෙරේ.

    මෙවර දීපාවලි උත්සවය සැමරීම සඳහා මෙරට හින්දු ජනතාව මෙන්ම වතුකරයේ ජනතාව ද දැඩි උනන්දුවක් දක්වන බව වාර්තා වෙයි. දීපවාලි දින පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වාදෙන්නේ අවිද්‍යාවේ ඝණ අන්ධකාරයෙන් බැහැර වී සිත් පහන් කරවන ප්‍රඥා ලෝකය දැල්වීම දීපාවලි මංගල්‍යයෙන් සංඛේතවත් කරන බවය.

    දීපවාලී මංගල්‍යය සමග විශ්වයට ප්‍රවේශ වන පංචායතන ශක්තියෙන් ලෝකවාසී සියලුදෙනාට සතුට, සමෘද්ධිය, ධනය සහ දිව්‍යමය ශක්තිය ලැබේවායි යන්න ප්‍රාර්තනා කරන බව ජනාධිපතිවරයා සිය දීපවාලි දින පණිවිඩය මඟින් ප්‍රකාශ කර තිබේ. සියලු කරදර දුරු වී නිරෝගීව සතුටින් ජීවත්වීමට සියලුදෙනාට කාලය උදාවේවා යි දීපවාලී දින පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    “අඳුර නැති කිරීමට ආලෝකය අවශ්‍යයි. ශ්‍රී ලාංකික ජනතාවගේ සියලු කරදර දුරුවී නිරෝගිව සතුටින් ජීවත්වීමට කාලය උදාවේවා. දීපාවලි උත්සව දිනයේ දී මේ ප්‍රාර්ථනය ද සමඟින් ආදරය පිරුණු සිතින් පහන් දල්වමු.”

    මේ අතර දීපාවලි දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පෙන්වාදෙන්නේ වර්තමානයේ ලොව පුරා ව්‍යාප්ත කොරෝනා ‍උවදුර නමැති නපුර පරාජය කිරීම උදෙසා මේ උතුම් දිනයේ ප්‍රාර්තනා කළ යුතු බවය. සංහිඳියාවේ අපේක්ෂාව පෙරදැරිව වාර්ගික සංහිඳියාවත් අනෝන්‍ය අවබෝධයක් ඇති කිරීමෙහිලා මේ අපූරූ උත්සවය ඉමහත් පිටිවහලක් වන බව ද විපක්ෂ නායකවරයා සිය දීපාවලි පණිවිඩය මඟින් ප්‍රකාශ කර තිබේ.

    source-derana

     154 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleආනයනික සහල් බද්ද සංශෝධනය වෙයි
    Next Article රටේ කොරෝනා තත්ත්වය ගැන යුද හමුදාපතිගෙන් ප්‍රකාශයක්

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     91 total views,  2 views today

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.