ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිඳු හසරංග, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්වී තිබේ. ඔහු මේ දක්වා T20 ජාත්‍යන්තර තරග 32කදී කඩුලු 50ක් දවාගෙන ඇත.
ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානයේ සිටි දකුණු අප්‍රිකාවේ පාදඟ පන්දු යවන ක්‍රීඩක ටැබ්රෙයිස් ශම්සි ට දෙවන ස්ථානය හිමිව ඇත. මේ අතර වනිඳු හසරංග T20 තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ද 8 වන ස්ථානයේ සිට 4 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
source-derana
66 total views, 2 views today