දෙසැම්බර් මස 31 වැනිදා දක්වා විදේශීය රටවලින් සහල් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස ආනයනකරුවන් කළ ඉල්ලීමට අවසර ලබා දී තිබෙනවා. ඒ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් අතර මුදල් අමාත්‍යාංශයේදී ඊයේ (02) පැවැති සාකච්ඡාවකදීයි.
එලෙස ආනයනය කරන සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 100/- ට ලබා දිය හැකි බව ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා පැවසුවා. source-colombotimes
70 total views, 4 views today