අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර තබා ගන්නා ලෙස චීනය සිය රටවැසියන්ට දැනුම් දී තිබෙනවා. එරට වෙළඳ අමාත්‍යංශය විසින් එය නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් හඳුනාගන්නා ප්‍රදේශ එකවර වසා දැමීම හා අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ එළවළු සැපයුමට බලපෑම් එල්ල වීම මධ්‍යයේ චින බලධාරීන් මෙම නිවේදනය නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේවෙතත් වෙළඳ අමාත්‍යංශයේ දැනුම්දීමත් සමග චීන වැසියන් බියට පත්ව තිබෙන බවත්, මේ හේතුවෙන් වෙළඳසැල්වල දිගු පෝලිම් ද දැකිය හැකි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා. පවතින තත්ත්වය හමුවේ මිල ඉහළ දැමීමක් සිදුනොකර ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සපයන ලෙස චීනයේ වෙළඳ අමාත්‍යංශය සැපයුම්කරුවන්ට දැනුම් දී තිබෙනවා. source-colombotimes
44 total views, 2 views today