අද (03) දින, ඉන්දියාවේ සිට මෙරටට ගෙන එන නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර ලක්ෂ 24ට අදාළ 2 වන පොහොර තොගය ගුවන් මගින් මෙරටට ලැබීමට නියමිතයි. කෘෂිකර්ම අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් අජන්ත ද සිල්වා කියා සිටියේ, නැනෝ නයිට්‍රජන් පළමු පොහොර තොගයෙන් පොහොර හිමි නොවූ ගොවීන්ට මෙම පොහොර ලබා දෙන බවයි.
මීට පෙර මෙරටට ගෙන් වූ නැනෝ නයිට්‍රජන් දියර පොහොර පළමු තොගයේ පොහොර බෝතල් ගොවීන්ට බෙදා දීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බව පොහොර ලේකම් කාර්යාලය සඳහන් කළා. ඒ අනුව මේ වන විට අම්පාර, අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්වල ගොවීන්ට ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා එම පොහොර බෝතල් බෙදා දී තිබෙනවා.
කෙසේ වෙතත් අවශ්‍ය තරම් පොහොර නොමැතිව වගාවන් සිදු කර ගැනීමට නොහැකිව තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශ වල ගොවීන් තවදුරටත් විරෝධතා වල නිරත වනවා. source-hiru
56 total views, 2 views today