මහින්ද රාජපක්ෂ රජයේ දූෂණ චෝදනා එල්ලවු පුද්ගලයින්ට එරෙහිව පවරා තිබු නඩු ඉල්ලා අස්කර ගැනීම පිළිබඳ නීතිපතිවරයා වහාම රටට කරුණු අනාවරණ කළ යුතු බව සමගි ජන බලවේගය අවධාරණය කරයි. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණ 2019 නොවැම්බර් මාසයේ සිට මේ දක්වා නඩු ඉල්ලා අස්කර ගැනීමට හේතු ඇතුළත් වාර්තාවක් ලබා දෙන ලෙස තොරතුරු දැනගැනීමේ පනත යටතේ නීතිපතිවරයාගෙන් ලිඛිත ව ඉල්ලා සිටියේය.
මෙහිදී මාධ්‍යයට අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල පවසා සිටියේ, චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් පවරා ඇති නඩු 45ක් තාක්ෂණ දෝෂ ඇති බව පවසමින් අල්ලස් හා දුෂණ කොමිෂන් සභාව මඟින් ඉල්ලා අස්කර ගෙන ඇති බවය.
මෙහිදී අදහස් දැක්වු සමගි ජන බලවේගයේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා,
“මොවුන් උසාවිය ඉදිරියට ගිහින් තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරලා, ඒකෙන් නිදහස් වෙන්න ඕනේ. එහෙම නිදහස් වෙන්නේ නැතුව අද කිසියම් බලවේගයක් නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරලා අද ඒ නඩු ඉල්ලා අස්කරගෙන යනවා. අද වෙනකොට නඩු 20කට වඩා වැඩි ප්‍රමාණයක් අද නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.”
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා,
“නීතිපති දෙපාර්තමේන්තුවේ එදා හිටපු නීතිපතිවරයා තමයි අද මේ රටේ අග්‍රවිනිශ්චයකාරවරයා. එතකොට එදා නීතිපතිවරයා හැටියට නඩු දාපු, නඩු විශාල සංඛ්‍යාවක් මේ වෙනකොට නීතිපති දෙපාර්තමේන්තුව විසින් ම එය හකුළාගෙන තියෙනවා. එතකොට අද අග්‍රවිනිශ්චයකාරවරයාට ත් කරන අගෞරවයක් හැටියට අපි දකින්නේ. ආණ්ඩුවක් මාරු වුණා කියලා නඩු වෙනස් වෙන්න විදියක් නෑ. මේ නඩු ඉල්ලා අස්කර ගෙන තියෙන්නේ වෙන කාගේවත් නඩු නෙමෙයි. රාජපක්ෂ පවුලේ එහෙම නැත්නම් ඇමතිවරුන්ගේ එහෙම නැත්නම් ඒ ගජමිතුරන්ගේ නඩු තමයි ඉල්ලා අස්කරගෙන තියෙන්නේ.”
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා,
” රටේ ජනතාව දැනගන්න අවශ්‍යයි, පාර්ලිමේන්තුව දැනගන්න අවශ්‍යයි මේ උසාවියට ඉදිරිපත් වෙලා නඩුවලට මොකද වෙලා තියෙන්නේ. නීතිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ තිබෙන තොරතුරු අපිට ලබාදෙන්න.”
source-derana
16 total views, 2 views today